බදුල්ල -පස්සර මාර්ගයේ 5 කණුව ප්‍රදේශයේදී ගිලන්රථයක ගැටුනු කාන්තාවක් බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත්කර ඇතැයි බදුල්ල පොලිසිය පවසයි .
මෙම කාන්තාව අද (29දා) උදේ 6.45ට පමණ පාසැල් බස්රථයට තම දරුවා නැංවීම සදහා මාර්ගය හරහා අනාරක්ෂිත ලෙස ගමන්කරද්දී මොණරාගල සිට බදුල්ල මහ රෝහල දක්වා අසාධ්‍ය රෝගීයෙක් ප්‍රවාහනය කරමින් තිබූ ගිලන් රථයක මෙසේ ගැටී අනතුරට ලක්ව ඇතැයි විමර්ශන වලදී අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කළේය .
මෙසේ අනතුරට පත්ව ඇත්තේ බදුල්ල වේවැස්සවත්ත පදිංචි 38 හැවිරිදි කාන්තාවකි .ඇගේ තත්වය බරපතල බව වෛද්‍යවරු පවසති.
අනතුර සිදුකළ ගිලන්රථය හා රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත්වෙදමුල්ල මහතාගේ උපදෙස් මත බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක සුජීව කුමාර මහාතාගේ මෙයවීම යටතේ බදුල්ල පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒ.වී . අනුර මහතා පරික්ෂණ පවත්වයි .
බදුල්ලේ පාලිත ආරියවංශ