කොළඹ පස්වන පටුමගේ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අයත් පෞරාණික භාණ්ඩ තිබූ නිවස විරෝධතාකරුවන්ට මුවා වී සිටි කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් ගිනි තැබිමට කටයුතු කළේය.
තමගෙන් පසු මෙම නිවස කොළඹ රාජකීය විද්‍යාලය වෙත පරිත්‍යාග කරමින් අග්‍රාමාත්‍යවරයා අන්තිම කැමති පත්‍රයක්ද නිකුත් කර තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා මෙරට වැඩිම අවස්ථා ගණනක් අග්‍රාමාත්‍යධුරය දැරූ පුද්ගලයා වුවත් ඔහු කිසිම අවස්ථාවක අග්‍රාමාත්‍ය නිල නිවස වූ කොළඹ අරලිය ගහ මන්දිරයේ පදිංචියට නොගියේය.
ඔහු රාජකාරී කටයුතු වෙනුවෙන් අරලිය ගහ මන්දිරයට ගියත් ජීවිතය ගත කළේ මෙම නිවසේය. මෙම නිවසේ තිබූ ඇතැම් ග්රන්ථ ශ්‍රී ලංකාවේ තිබි ඇත්තේ එම නිවසේ පුස්තකාලයේම පමණක් බවද සඳහන් වෙයි.
අග්‍රාමාත්‍යරයා මෙන්ම ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද සිය ජිවිතය ගත කළේ මෙම නිවසේදීය. මෙම නිවස අග්‍රාමාත්‍යවරයාට පරම්පරාවෙන් ලැබී තිබුණ අතර එය පැරිණි ගෘහ නිර්මාණශිල්පය අනුව නිමවා තිබුණි.