පෙට්රල් ඇඟට වත්කර ගිනි තබා බිරිඳ ඝාතනය කල සැමියාට (16) වෙනිදා මොනරාගල මහා ධිකරණ විනිසුරු (පූර්වගාමී) චින්තක ශ්රීනාත් ගුණසේකර මහතා විසින් මරණ දඬුවම නියම කළේය.
මෙසේ මරණ දඬුවම නියම වුයේ මොනරාගල හුලංදාව දකුණ ගැමුණුපුර පදිංචි යටපාලලාගේ නීල් ස්ටැන්ලි ජයරත්න නැමති අයටය.
විත්තිකරු තම බිරිඳ වූ කේ.එම් සුජාතා නැමති අයව 2017 වර්ෂයේ දිනක ඇඟට පෙට්රල් වත්කර ගිනි තැබීමෙන් අනතුරුව රෝහල් ගතකර සිටිය දී මියගොස් තිබිණි.
මිනී මැරීමේ චෝදනාව යටතේ ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩුව ගොනු කර තිබිණි. දීර්ඝ නඩු විභාගයකින් පසුව චෝදනාවන්ට වරදකරු කළ සැකකරුට මහාධිකරණ විනිසුරු විසින් මෙලෙස මරණ දඬුවම නියම කරන ලදි.
විත්තිකරු වෙනුවෙන් නීතීඥ සෝමරත්න හේරත් මහත පෙනී සිටි අතර රජයේ අධි නීතීඥ දුමින්ද ද අල්විස් මහතා පැමිණිල්ල මෙහෙය වීය.