හිසට ගිනිඅවියක් තබා මැණික් ව්‍යාපාරිකයෙකු පැහැරගෙනයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට විසිතුන් හැවිරිදි තරුණයෙකු ඊයේ (27දා) ගිනිඅවියක් සමඟ පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.
2021/04/25 වෙනි දින මැදගම පොලිස් වසමේ බකිනිගහවෙල ප්‍රදේශය පදිංචි මැණික් ව්‍යාපාරිකයෙකුගේ හිසට ගිනිඅවියක් තබා පැහැරගෙනයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු මිරිහාන ප්‍රදේශයේදී ගිනිඅවියක් සමඟ අත්අඩංගුවටගෙන ඇත.
සැකකරු මිරිහාන ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.
මොනරාගල සහ මිරිහාන පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු සහ ගිනිඅවිය බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට කටයුතුයොදා ඇත.
මොනරාගල සුමනසිරි ගුණතිලක
