පාතාල සාමාජිකයන් දෙදෙනෙක් විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග මුල්ලේරියාව වල්පොල ප්‍රදේශයේදී ඊයේ (27දා) රාත්‍රී අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රන්සිළු පේඩිගේ බුද්ධික ප්‍රසාද් නොහොත් ආමි සුරංග (34) සහ චාමර චතුරංග (29) යන පාතාල සාමාජිකයින් දෙදෙනා වේ.
ආමි සුරංග නැමැති පුද්ගලයා පාතාල කණ්ඩායම් නායකයෙකු වූ ඌරු ජුවා ගේ සහ ගොත අසංක ගෙ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ධනුෂ්ක ආරියවංශ නොහොත් රංග යන අයගේ සොහොයුරා ද වන බව පොලීසිය සඳහන් කරයි.
ආමි සුරංග යන පාතාල සාමාජිකයා මීට පෙරද අපරාධ රැසකට අත්අඩංගුවට පත්ව සිටි පුද්ගලයෙක්.
ඔහු මීට පෙර 2018 වසරේදී පෑලියගොඩ අපරාධ කොට්ඨාසයට ගිනි අවියක් සමඟ අත්අඩංගුවට පත්වීම.
2020 වසරේ දී මිරිහාන අපරාධ කොට්ඨාසයෙන් පොලිස් නිල හැඳුනුම්පතක් ව්‍යාජ ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වීම හා 2014 වසරේ දී වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ උමගලිය ක්‍රීඩාංගණයේ පැවැති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වේදිකාවට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙක් ද වන බව පොලීසිය සඳහන් කරයි..
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හිඹුටාන ගොඩඋඩ පාර සහ කඩුවෙල ඉහළ බෝමිරිය පදිංචිකරුවන් ය
මුල්ලේරියාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.