රත්නපුර ඇන්දාන මඩලගම ප්රදේශයේ බලපත්රයක් නොමැතිව විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක්න නීති විරෝධි ලෙස ලඟ තබා ගනිමින් සතුන් දඩයම් කල පුද්ගලයෙකු ඊයේ (03දා) පස්වරුවේ දි අත්අඩංගුවට ගත් බව ඇන්දාන පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්වු සැකකරු ඇන්දාන මඩලගම තිප්පල ප්රදේශයේ පදිංචිකරුවෙකු බව හෙළිවී තිබේ.
පොලිසියට ලැබුණු තොරතුරක් මත සැකකරුගේ නිවස පරික්ෂා කිරිමේදි ගිනි අවිය සමඟ පතුරම් 02ක් හා සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. මෙම තුවක්කුව භාවිතා කරමින් කලක පටන් සතුන් දඩයම් කර ඇති බව පොලිසිය පවසයි.
සැකකරු සහ අත්අඩංගුවට ගත් ගිනි අවිය පැල්මුඩුල්ල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිසිය පවසයි.
ගොඩකවෙල -- ඩබ් ඒ පියතිලක

