නායයෑමේ අවධානමක් හේතුවෙන් වසර 6ක් තිස්සේ වසා දමා තිබූ හැටන් මහනුවර ප්රධාන මාර්ගයේ ගිනිගත්හේන පොලිසිය ඉදිරිපිට කොටස අදියර කිහිපයක් යටතේ ආරක්ෂිත පැති බැමි ඉදි කර මාර්ගය කාපට් අතුරා ප්රතිසංස්කරණය කිරිමෙන් පසු (01) දින එම මාර්ගය රථ වාහන ධාවනයට විවෘත කෙරිණ.
ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්රික් පා.මත මංජුල සුරවීර ආරච්චි මහතා විසින් (01) දින එම මාර්ගය විවෘත කරනු ලැබූහ.
වසර 6ක් තිස්සේ එම මාර්ගයේ ගමන් ගන්නා වාහන හැටන් කොළඹ මාර්ගය ඔස්සේ ධාවනය කර ගිනිගත්හේන බස් නැවතුම්පොළ හරහා වාහන ධාවනයට අවසර ලබා දෙන ලදී.
ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ නිර්දේශ මත ගිනිගත්හේන පොලිසිය ඉදිරිපිට කොටස ආරක්ෂිත පැති බැමි බැද මන්තීරු දෙකක් සේ කාපට් අතුරා ප්රතිසංස්කරණය කිරිමෙන් පසුවයි මාර්ගය විවෘත කරනු ලැබුවේ.


