ගින්නකින් කොරියානුවා බේරගත් ලාංකිකයාට එරට ස්ථිර නේවාසිකත්වය
දකුණු කොරියාවේ ගින්නකට කොටුවී සිටි 90 හැවැරිදි කොරියානු කාන්තාවක් බේරා ගත් ශ්‍රී ලංකා ජාතිකයෙකුට දකුණු කොරියාවේ ස්ථිර නේවාසිකත්වය හිමිව තිබේ.
2017 වසරේ පෙබරවාරී මාසයේදී මෙසේ වයෝවෘද්ධ කාන්තාවක් බේරා ගනු ලැබුවේ දකුණු කොරියාවේ සේවයේ නිරත නිරමල් සිරි මහතායි.
අද දිනයේදී ඔහුට මෙසේ ස්ථිර නේවාසිකත්වය හිමිවීමට නියමිතව තිබුණි. දකුණු කොරියාව විසින් පසුගිය 13 දා මෙම තීරණය ගෙන තිබුණි.
නිමල් 2013 වසරේදී කොරියාවේ සේවයට ගොස් ඇත. ඔහුගේ සේවා කාලය 2016 වසරේ සැප්තැම්බර් මාසයේ අවසන්ව ඇතැත් දකුණු කෙරියාවේ ඔහු රැදී සිට තිබේ.
මේ හේතුවෙන් නීතිවිරෝධීව දකුණු කොරියාවේ රැඳී සිටීම වෙනුවෙන් ඔහු වොන් මිලියන 10ක දඩයක් පැණවීමට නියමිතව තිබුණත් ඔහුගේ වික්‍රමය හේතුවෙන් එම දඩය පැනවීමද අවලංගු කර තිබේ.
දකුණු කොරියාව විසින් ඔහුට ගෞරව නායමක්ද ලබාදුන් අතර එරට G1 වීසද ලබාදුන්නේය. එසේම තවත් වොන් මිලියන 30ක ත්‍යාග මුදලක්ද ලබාදුන්නේය.

popular news
-
R.M.R. Diyaelagedara Tuesday, 18 December 2018 10:37 AM
උණුසුමි සුභ පැතමි මනුෂ්යකමි අගයන රටවල්
Reply : 0 0
Nandana Tuesday, 18 December 2018 03:26 PM
ශ්‍රී ලංකාවට ඔබ ගෙනදුන් ගෞරවය හිසනමා අගය කරමි .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
