වැල්ලවැටිතුරය, නෙඩියකාඩු ප්ර දේශයේ නිවසක ඉදිරිපද කාමරයේ ඇතිවූ ගින්නක් හේතුවෙන් පුද්ගලයෙකු හා කාන්තාවක් පිලිස්සීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
අද අලුයම් කාලයේදී මෙම ගින්න ඇතිව තිබේ. මෙම ගින්න හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 31 හා අවුරුදු 26ක් වන අඹුසැමි යුවළකි.
මෙම යුවළ රැදී සිටි කාමරයේ පෙට්රල් අඩංගු ලීටරයක ධාරිතාවකින් යුත් පිළිස්සී ගිය ප්ලාස්ටික් බෝතල් 5ක් තිබී ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළිව ඇතැයිද පොලීසිය කියයි.