ගිණිකෙළි නිෂ්පාදනවල අඩුවක්
දිත්වා සුළි කුණාටුව නිසා ඇති වූ ගංවතුර තත්වය සහ නායයෑම් හේතුවෙන් ගිනි කෙළි නිෂ්පාදන විනාශයට පත් වීම නිසා සහ අමුද්‍රව්‍ය මිල සීග්‍ර ලෙස ඉහළ යාම නිසා අලුත් අවුරුදු සමයේ ගිනිකෙළි නිෂ්පාදනවල දැඩි හිඟයක් ඇතිව ඇති බව ගිනි කෙළි නිෂ්පාදකයෝ ප්‍රකාශ කරති.
මධ්‍යම පළාත් ගිනි කෙළි නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් අතුල අල්විස් මහතා සඳහන් කරන්නේ මෑතකදී අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා සහ දිත්වා සුළි කුණාටුව හේතුවෙන් නිෂ්පාදන විනාශ වීම නිසා ගිනි කෙළිවල මිල ඉහළ යාමක් සහ හිඟයක් පවතින බවයි.
ඔහු තව දුරටත් සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති වු ගංවතුර තත්වය සහ මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ නායයෑම් පස් ගල් කඳු කඩා වැටිම් නිසා ගිනි කෙළි නිෂ්පාදන සියයට 90 ක් පමණම විනාශ වී වි ගිය බවයි.
එසේ විනාශ වු ගිනි කෙළි නිෂ්පාදන වෙනුවෙන් නව නිෂ්පාදන සිදු කිරිම සඳහා සැලකිය යුතු කාලයක් ගත වන බවත් මෙම කර්මාන්තය සියයට සියයක්ම හස්ත කර්මාන්තයක් වන බැවින් නිෂ්පාදන ක්‍රියාවලිය ඉතා සෙමින් සිදුවන බවත් ඒ මහතා කීය.
ගිනි කෙළි කර්මාන්තය සඳහා භාවිතා කරන ඇලුමිනියම්,බේරියම් නයිට්රේට් පොටෑසියම් නයිට්රේට් වැනි අමුදව්‍ය වල මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබීම නිසා මෙවර නිෂ්පාදනය වන ගිනි කෙළිවල මිලද ඉහළ ගොස් ඇති බවත් ඒ නිසා අලෙවියේ යම් අඩුවක් පවතින බවත් ඒ මහතා කීය.
මොහොමඩ් ආශික්




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
