ගිං ගගේ ජල මට්ටම ඉහළට
ධාරානිපාත වර්ෂාවත් සමග ගිංගගේ ජල මට්ටම වැඩිවීමෙන් සුළු ගංවතුර තත්ත්වයක් නිර්මාණය වී ඇති බැව් ගිංගග වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි.
තවලම.නාගොඩ.වැලිවිටිය දිවිතුර. නෙළුව .බද්දේගම. යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇත.ගාල්ල උඩුගම ප්‍රධාන මාර්ගයේ බාර් හන්දිය ඇතුළු පහත්බිම් ජලයෙන් යටවී තිබේ.අද (24) උදෑසන වන විට ගිං ගඟේ තවලම ජලමාපකයේ ජල මට්ටම මිටර් 5.08 ක්ව පැවති අතර බද්දේගම ජල මාපකයේ ජල මට්ටම මිටර් 4.11 ක මට්ටමේ පැවැති බව ගිංගග වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි.
පසුගිය පැය විසි හතරක කාලය වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ ගිං ගඟ ඉහල නිම්නයට අයත් තවලම ප්‍රදේශයෙනි. තවලම ප්‍රදේශයට මිලිමීටර් 130 වර්ෂාපතනයක් ලැබී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
බද්දේගමට මිලිමිටර් 97 ක.නාගොඩට මිලිමිටර් 129 ක. නෙළුවට මිලිමිටර් 117ක. වැලිවිටිය දිවිතුර ප්‍රදේශයට මිලිමිටර් 98 ක වර්ෂාපතනයක් ලැබී තිබූ බවද ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
තවලම අකුරැස්ස ප්‍රධාන මාර්ගය තවලම ප්‍රදේශයෙන් ජලයෙන් යට වී ඇත.පාසල්වලට යාම සඳහා පැමිණි පාසල් දරු දැරියන් නාවික හමුදාවට අයත් බෝට්ටු මගින් එගොඩ කිරීමට නාවික හමුදාව මගින් කටයුතු කරනු ලැබීය. මෙහි සම්බන්ධීකරණ කටයුතු ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් සිදු කරනු ලැබීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

