ඉහළ නැග තිබු ගිංගගේ ජල මට්ටම මේ වනවිට අඩුවෙමින් පවතින අතර අද (17) උදෑසන 7.00 වනවිට ගිංගගේ බද්දේගම ජල මාපකයේ ජල මට්ටම මිටර් 4.25ක් ලෙස සටහන්ව තිබු බව ගිංගග වාරිමාර්ග ඉංජිනේරු පි.ආර්. ද සිල්වා මහත්මිය සදහන් කළාය.
තවමත් ගිංගග පහළ නිම්නයේ බද්දේගම ප්‍රදේශය සුළු ගංවතුර තත්වයක් පවතිනඅතර බද්දේගම නාගොඩ මාර්යේ මහම්බාන ප්‍රදේශය ජලයෙන් යටවී තිබු අයුරුයි ඡායාරූපයේ දැක්වෙයි.
ජලය බැසයාම සඳහා මහමෝදර හා ගිංතොට යන මෝයකටවල් විවර කොට ඇත.
රවීන්ද්‍ර ශ්‍රී ලාල්
