ඝාතනය කොට දෙකකුල් කොන්ක්රීට් කණුවක හා දෙඅත් පිටුපසට කර ගැට ගසා ගිං ගඟේ පාවෙමින් තිබූ මළ සිරුර හඳුනාගත් බව පොලීසිය කියයි.
මෙසේ ඝාතනය කොට තිබුණේ අහුන්ගල්ලේ ප්රභල පාතාල නායකයකුගේ වෙඩික්කරුවකුවූ අහුන්ගල්ලේ ලෝකන්වත්තේ පදිංචි තාරුකාර විරාජ් රශ්මික ද සිල්වා නමැති තිස්පස් හැවිරිදි දෙදරු පියෙකු බව ද පොලීසිය කියයි.
ජුනි මස 22 වැනිදා ගිං ගඟේ පාවෙමින් තිබියදී තිබූ මළ සිරුර වක්වැල්ල පාලම අසල සිරවී තිබියදී පෝද්දල පොලීසිය විසින් සොයා ගන්නා ලදි.
මෙලෙස ඝාතනයවූ තැනැත්තා මීට වසරකට පමණ උඩදී ඔහුගේ නායකයාගේ නියෝගයක් මත අහුන්ගල්ල නගරයේදී පුද්ගලයකුට වෙඩි තබා ඇති බවත් වෙඩි වැදුණු පුද්ගලයා කොස්ගොඩ ප්ර දේශයේ ප්රභල පාතාල නායකයකුගේ සමීපතයකුම බවත් පොලීසිය කියයි.
වෙඩි තැබ්මෙන් පසු ඔහු පලාගොස් අනියම් භාර්යාවක් සමග විවිධ ප්රදේශවල සැගව ජීවත්ව ඇති බවත් පොලීසිය කියයි.