ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් නෞකාවක් කොළඹ වරායට අද පස්වරු 12.30 වන විට පැමිණීමට නියමිතව තිබුණ බවත් මේ වන විට එම නෞකාවෙන් ගෑස් ගොඩබෑම සිදුවන හෙයින් ගෑස් හිඟයක් සම්බන්ධයෙන් අනවශ්‍ය කලබලයක් ඇති කරගත යුතු නොවන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (13) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
ගෑස් වැඩිපුර මිලදී ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව පැවසූ අමාත්‍යවරයා, සාමාන්‍ය පරිදි කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.