ගෘහස්ථ ගෑස් සිලින්ඩර් තොගයක් නිවසේ රැස් කල සැකකරුවෙකු නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් විසින් අද (19දා) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල අවස්ථාවේ සැකකරු අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා සැකකරුට රු දස දහසක දඩයක් ගෙවන ලෙස හැටන් මහෙස්ත්‍රාත් ෆරුක්ඩින් මහතා විසින් නියෝග කළේය.
දඩයට අමතරව පාරිභෝගික සේවා අධිකාරිය භාරයට ගැණුනු කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 177 ක් , කිලෝ 2.4 ගැස් සිලින්ඩර් 25 ක් ,කිලෝ 5 ගෑස් සිලින්ඩර් 28 ක් ගිනිගත්හේන පොලිස් ස්ථානයේදි රජයේ අනුමත මිලට පාරිභෝගිකයන්ට අලෙවි කර එම මුදල් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ තැන්පත් කරන ලෙසත් හිස් ගෑස් සිලින්ඩර් චුදිතට භාරදෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කලහ.
මහෙස්ත්‍රාත්වරයා විසින් මෙසේ දඩ ගෙවන ගෙස නියෝග කරනු ලැබුවේ ගිනිගත්හේන අඹගමුව උඩුබුලත්ගම ශාන්ත ජනපදයේ පදිංචි සිසිර සේනාරත්න නැමති (50) හැවිරිදි අයටයි.
චුදිත නාවලපිටිය ලිට්රෝ ගැස් සමාගමේ අලෙවි නියෝජිතයාගේ රියදුරා වන අතර , චුදිතයා සමාගම විසින් එම අලෙවි නියෝජිතයාට පාරිභෝගිකයන්ට අලෙවි කිරිම සදහා අවස්ථා කිහිපයකදි ලබාදුන් ගෑස් තොග පාරිභෝගිකයන්ට වැඩි මිලට අලෙවි කිරිම සදහා අලෙවි නියෝජිතයාගේ අනුදැනුම මත චුදිත පදිංචි නිවසේ සගවා ඇති බවට ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතාට ලද තොරතුරක් මත පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් එක්ව වැටලිමක් සිදු කර ගෑස් සිලින්ඩර් තොගය පොලිස් භාරයේ තැබිමට නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් පියවර ගැණිනි.
අනවශ්‍ය තොග රැස් කිරිමේ චෝදනාව යටතේ පාරිභෝගික සේවා අධිකාරිය විසින් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කල බවත්,ගෑස් තොග සගවා තැබිම, වැඩි මිලට ගැස් අලෙවි කිරිම පිලිබදව තොරතුරු වෙතොත් ඒ පිලිබදව පාරිභෝගික සේවා හදිසි ඇමතුම් අංශයේ 1977 දුරකථන අංකයට හෝ ළගම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ පාරිභෝගික ජෙෂ්ඨ විමර්ශන නිලධාරි ජේ.එම්.ආර්.කරුණාරත්න මහතා පැවසිය.


