ගෑස් මිල සූත්‍රය අනුව ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් හෙට (5) මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට නියමිතව තිබේ. කෙසේ වෙතත් ගෑස් මිල අඩුවනවාද වැඩිවනවාදය යන්න සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැත.
මිල ඉහළ ගිය ද පහළ ගිය ද එය විශාල මුදලක් නොවනු ඇති බව වාර්තා වෙයි. මේ අතර ඩොලරයට සාපෙක්ෂව රුපියල තරමක් දුරකට ශක්තිමත් වී ඇති අතර එහි වාසියද පාරිභෝගිකයන් වෙත ලබාදිමට සමාගමේ අවධානය යොමුව තිබේ.