අනතුරුදායක ගෘහස්ථ එල් පී ගෑස් සිලින්ඩර අලෙවි කර කාන්තාවක් මිය යාමට සැලැස්වීම සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති, අධ්යක්ෂ මණ්ඩලය, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති වරයා ඇතුළු බලධාරීන්ට එරෙහිව සාවද්‍ය මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට පොලිස්පති වරයා සහ නීතිපතිවරයාට නියෝග කරන්නයි ඉල්ලා මියගිය කාන්තාවගේ සැමියා සහ දරුවන් සිවුදෙනා අද(02දා) අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළේය .
කුණ්ඩසාලේ, නත්තරම්පොත ප්‍රදේශයේ පදිංචි මිය ගිය කාන්තාවගේ සැමියා වන ආර් ඩී එස් ශාන්ත කුමාර සිරිමාන්න සහ ඔහුගේ දරුවන් සිව්දෙනා විසින් ගොනුකළ මෙම පෙත්සම් වගඋත්තරකරුවන් වශයෙන් ලිට්රෝ ගෑස් සමාගම, එහි සභාපතිවරයා සහ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්, පොලිස්පතිවරයා හා නීතිපතිවරයා නම් කර ඇත
පසුගිය දෙසැම්බර් මස 01 වන දා තම බිරිඳ ආහාර පිසීම සඳහා ගෑස් උදුන ක්‍රියාත්මක කළ අවස්ථාවේදී විශාල පිපිරීමක් සමඟ ගින්නක් හටගත් බවත් එම ගින්නට හසුව බරපතළ පිළිස්සීමකට ලක් වූ ඇය මහනුවර රෝහලට ඇතුළත් කෙරුණු බවත් දින 11ක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අය දෙසැම්බර් මස 11 වන දා ඇය මියගිය බවත් පවසන පෙත්සම්කරු ලිට්රෝ ගෑස් සමාගම විසින් තත්වයෙන් බාල අනතුරුදායක ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීම නිසා මෙම අනතුරු දායක තත්ත්වය උද්ගත වූ බවත් සඳහන් කොට ඇත.
තම බිරිඳගේ මරණයට වගඋත්තරකරුවන් වගකිවයුතු බව පවසන පෙත්සම්කරුවෝ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා ඇතුළු බලධාරීන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයාට හා පොලිස්පතිවරයාට නියෝග කරන්නයි අධිකරණයෙන් ඉල්ලා සිටිති.