ගෘහස්ත ගෑස් ලබාගැනිම වෙනුවෙන් හෙට දිනයේදි පෝලිම්වල රැදී නොසිටින ලෙස ලිට්රෝ සමාගම පවසයි.
හෙට දිනයේදී ගෑස් බෙදාහැරීමක් සිදු නොවන හෙයින් මෙසේ ගෑස් ලබාගැනිම වෙනුවෙන් පෝලිම්වල නොසිටින ලෙස එම සමාගම පවසයි.
මේ අතර ගෑස් මෙට්රික් ටොන් 7500ක් රැගත් නෞකා දෙකක් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් ගෙවා ඇති බවද සමාගම සඳහන් කරයි.
මේ අනුව එම නෞකා දෙකෙන් පළමු නෞකාවෙන් ඉන්ධන ගොඩබෑම 26දා ආරම්භ කිරිමට නියමිතව තිබේ.