ගෑස් ආනයනය කිරිම වෙනුවෙන් අද දිනයේදී ඩොලර් මිලියන 7ක් ගෙවා දැමූ බවත් ඒ අනුව ගැස් රැගත් නෞකා ද්විත්වයක් එළැඹෙන සිකුරාදා හා සෙනසුරාදා දිනයේදී ශ්රී ලංකාවට ළඟා වෙනු ඇති බවත් ලි ට්රෝ සමාගම සඳහන් කරයි.
එතෙක් ගෑස් තොග පවතින්නේ කර්මාන්ත කටයුතු සඳහා පමණක් බවත් ඒ අනුව ගෘහස්ත ගෑස් ලබා ගැනිම වෙනුවෙන් පොලිම්වල සිටිම ඵල රහිත ක්රියාවක් බවත් එම සමාගම පවසයි.
කෙසේ වෙතත් පවතින ගෑස් අර්බුදය හමුවේ ගෑස් ඉල්ලා දිවයිනේ විවිධ ප්ර දේශවල ජනතාව ඊයේ දිනයේදීද මාර්ග අවහිර කරමින් විරෝධතාවයේ නිරතවන අයුරු දක්නට ලැබිණ.