මෙරට ඇති 7000කට ආසන්න බේකරි ප්රමාණයෙන් 2000කට අධික බේකරි ප්රමාණයක් වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.
ගෑස් හා ඉන්ධන හිඟය මෙන්ම තිරිඟු පිටි හිඟය හේතුවෙන් බේකරි විශාල ප්රමාණයක් වැසී යාමේ අවදානමට ලක්ව ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.