ගැහැනු දරුවන්ගේ විවාහ වීමේ අවම වයස 21 හෝ 25 කිරීමට යෝජනාවක්
ගැහැනු දරුවන්ගේ විවාහ වීමේ අවම වයස 21 හෝ 25 කිරීමට යෝජනාවක් ගැහැණු දරුවකු විවාහ වීමේ වයස සම්බන්ධයෙන් අදහස් එක් රටක් එක් නීතියක කාර්ය සාධක බළකාය හමුවේ අදහස් දැක්වූ මරීනා රිෆායි මහත්මිය කාන්තාවක් විවාහ වීමේ අවම වයස අවුරුදු 21 විය යුතු බව ප්‍රකාශ කළ අතර එය අවුරුදු 25ක් පමණ විය යුතු බව සුහා කාසීම් මහත්මිය ප්‍රකාශ කළාය. මිට හේතුව ලෙස ඔවුන් පෙන්වා දුන්නේ ජාති ආගම් බේදයකින් තොරව දරුවන් උසස් අධ්‍යාපනය සදහා යොමු කිරීමට සියලු දෙනා උනන්දු විය යුතු බවයි.
මුස්ලිම් කාන්තා සංවිධානයන් නියෝජනය කරමින් ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත අදහස් හා යෝජනා ලබා දීමට පැමිණි වෛද්‍ය මරීනා රිෆායි සහ මාධ්‍යවේදනී සුහා කාසීම් යන අය ඇතුලත් මුස්ලිම් කාන්තා අයිතීන් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරීහූ පිරිසක් කාති උසවි ක්‍රමය සම්බන්ධයෙන් විශේෂ කරුණු දැක්වීමක් සිදු කළහ.
මුස්ලිම් ජනතාවගේ ආගමික අයිතීන්ට බාධාවක් නොවිය යුතු බව පෙන්වා දුන් ඕව්හු කාති ක්රමයේ අඩුපාඩු ඇති බවත් ඒවා වහා සංශෝධනයට ලක් විය යුතු බවත් ප්‍රකාශ කළහ. විශේෂයෙන් කාතිවරුන් වීමට සුදුසුකම් නොමැති අයවලුන් එම තනතුරට පත් කිරීම මෙම ගැටලුවට හේතුවක් බව ද අනාවරණය කෙරිණි.
popular news
-
Kumar Monday, 31 January 2022 04:46 PM
Priminta may neethiya balapanne nadda. Amerikawata paminila 18 n viwahawenna bariya.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

