වාද්දුව ගැස් පෝලිමේ සිටී පුද්ගලයෙකු සිහිසුන්ව ඇදවැටී අද (21දා) රෝහල් ගතකර ඇතැයි වාද්දුව පොලිසිය පවසයි .මෙසේ රෝහල් ගතකර ඇත්තේ වාද්දුව , තල්පිටිය ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පැවසේ.
අද දින ගැස් නිකුත් කිරීම සිදුකරන බවට ලද තොරතුරක් මත ඒ සදහා නිකුත් කරන ටෝකන් පතක් ලබාගැනීමට සිටියදී උදෑසන 9.00 ට පමණ සිහිසුන්ව ඇදවැටී ඇත.
ඒ සමගම අවට සිටි පිරිස 1990 ගිලන් රථයෙන් ඔහු මූලික රෝහලට රැගෙන ගොස් ඇත.
පානදුර සුමිත් පොතුපිටිය