වෙළඳපොළේ සහල් මිල පාලනය කිරීම සඳහා රජය සහල් සඳහා පාලන මිළ පැනවූ ද පාලන මිලට වඩා අඩුවෙන් වෙළඳපොලේ සහල් අලෙවි කිරීමට ඇති නිසා පාරිභෝගික ජනතාව මෙන්ම වෙළඳ සැල් හිමියන් ද පාලන මිල සම්බන්ධයෙන් දැඩි විමතිය පළ කරමින් සිටිති.
සහල් සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ .ඒ අනුව නාඩු හාල් කිලෝවක් රුපියල් දෙසිය විස්සක් ලෙසද සම්බා කිලෝව රුපියල් 230 මිලක්ද කීරි සම්බා දේශීය කිලෝවක් රුපියල් 260 ක මිල අලෙවි කිරීම්ට තීරණය කොට තිබේ
කෙසේ වෙතත් රජය නිකුත් කරන ලද ගැසට් පත්‍රයට වඩා අඩු මිල ගණන් යටතේ සාමාන්‍ය සිල්ලර හා තොග වෙළෙඳඳ සැල් වල සහල් අලෙවි කිරීමට තිබීම විශේෂත්වයකි
සහල් අලෙවි කරන වෙළෙඳ සැල් හිමියන් කියා සිටියේ රජය වෙළඳපොලේ මිල සොයා බැලීම්කින් තොරව මෙසේ ගැසට් කිරීම සිදුකර ඇති බවය. එසේත් නොමැති නම් ව්‍යාපාරික වුවමනාවන් ඉටු කිරීම සඳහා සහල් මිල වැඩි කොට ගැසට් පත්‍ර මගින් මිල ඉහළ දැමීම් සිදු කරන්නට ඇති බව ය පාරිභෝගික ජනතාවද මෙම ගැසට්ටුව පිළිබඳව දැඩි විමතිය පළ කිරීම් විශේෂත්වයකි .
වෙළඳපොලේ නාඩු සහල් කිලෝවක් රුපියල් එකසිය අනූවේ සිට රුපියල් 210 දක්වා මිල ගණන් යටතේ අලෙවි වන අතර සම්බා කිලෝවක් රුපියල් දෙසිය පහළොවේ සිට 220 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවි වන බව වෙළෙන්දෝ පෙන්වා දෙති.