රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 16ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම මෙම අනතුරින් තවත් 40කට අධික පිරිසක් තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහලට සහ නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇත.
කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් අද (11දා) අලුයම මෙලෙස අනතුරට පත් විය.