ගැරඩි ඇල්ල බස් රථ අනතුරේ රියදුරාට නින්ද යාම, අධික තෙහෙට්ටුව හෝ විඩාව නිසා එම අනතුර සිදුවන්නට ඇති බවට සැකකරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එම අනතුර සම්බන්ධයෙන් පත්කළ කමිටුවේ වාර්තාව මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවැසීය.
එසේම අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ රියදුරු මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර නොතිබුණ බවට මෙන්ම ඔහුට හදිසි හෘදයාබාධයක් වැළඳී නොතිබුණ බවට පශ්චාත් මරණ පරීක්ෂණවලදී තහවුරු වී ඇති බවද ඔහු පැවැසීය.
අනතුර සිදුවන අවස්ථාවේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් වාහනයක් පැමිණ නොතිබුණ බවත් වැසි සහිත තත්ත්වයක් හෝ අධික මීදුමක් තිබී නොමැති බවත් ඔහු පැවැසීය. එසේම බස් රථයේ කාර්මික දෝෂයක් සිදුව නොමැති බවත් බස් රථය වෙනත් වාහනයක ගැටී නොමැති බවත් ඔහු පැවැසීය.
රියදුරු වෙත කිසිම ආකාරයක වරදක් හෝ වගකීමක් පැටවීමට කටයුතු නොකරන බවත් ඔහු පැවැසීය.