බෙන්තොට ප්රා දේශීය සභා කීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර එම සංගීත සංදර්ශනය නැරඹීමට පැමිණි තරුණයින් දෙපිරිසක් අතර අද (14දා) අලුයම්කාලයේ ඇතිවූ ගැටුමක් සමතයකට පත්කිරීමට යැමේදී එම තරුණයින් විසින් පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදුකොට ඇති බව බෙන්තොට පොලීසිය කියයි.
පහරදීම හේතුවෙන් බෙන්තොට පොලිස් ස්ථානයට අනුයුක්ත සේවය කරන පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු සුලු තුවාල ලබා බෙන්තොට ප්රාදේශීය රෝහලේ පතිකාර ලබන බව ද පොලීසිය කියයි.
බෙන්තොට පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධනංජය රාජපක්ෂ,මහතා ඇතුලුව පොලි සැරයන්වරුන් දෙදෙනෙකු හා පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලැබූ පොලිස් නිලධාරීන් හතර දෙනා බවද පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලීසිය කියයි.