බටපොළ බරදූව ප්රදේශයේ නිවාඩු නිකේතනයක් තුළදී ඊයේ (23) රෑ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් බේරීමට ගිය අයෙකුට එල්ල කරන ලද කඩු පහරින් ඔහු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු අද (24දා) අලුයම් කාලයේදී මිය ගිය බව බටපොල පොලීසිය කියයි.
මෙසේ ඝාතනයවී ඇත්තේ බටපොළ කොබෙයිතුඩුව පදිංචි පොන්නම්පෙරුම ආරච්චිගේ නුවන් සම්පත් නමැති තිස් හත් හැවිරිදි අයෙක් බව ද පොලීසිය කියයි.
බටපොල බටදූව, පිහිටි අනර්ගයා නමින් නම් කර ඇති නිවාඩු නිකේතනයක ඊයේ(23) රෑ 8.30 ට පමණ ප්රදේශවසී පුද්ගලයින් කිහිප දෙනෙකු මත් පැන් පානය කර ඇති බවත් එම ස්ථානයේ තවත් මත්පැන් පානය කල පිරිසක් අතර ආරවුලක් ඇති වි අතින් පයින් පහර දිමක් සිදු වි ඇති බවත් පොලීසිය කියයි.
පසුව මේ පහර දිම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව එහිදීම පහරදීමට අදාල දෙදෙනෙක් සැකපිට ප්රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බවත් පොලීසිය කියය.
අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සමග මත්පැන් පානය කරමින් සිටි කොබේයිතුඩුව බටපොල ලිපිනයේ පදිංචි වයස අවුරුදු 37ක් වන පොන්නම්පෙරුම ආරච්චිගේ නුවන් සම්පත් යන අය විසින් මෙම ආරවුල බේරා ඇති බවත් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනිමෙන් පසුව නුවන් සම්පත් නැමති පුද්ගලයා එම නිවාඩු නිකේතනයේම පිටුපසට ගොස් නැවත මත්පැන් පානය කර ඇති බවත් එම අවස්ථාවේ හෙල්මට් පැලැද කඩු දෙකක් අතැතිව පැමිනි පුද්ගලයින් දෙදෙනකු නුවන් සම්පත් යන අයගේ කකුල් දෙකට සහ හිසට කඩු වලින් පහර දි බරපතල තුවාල සිදු කර පලා ගොස් ඇති බවත් තුවාලකරු අනර්ගයා රෙස්ටුරන්ට් ආයතනයේ හිමිකරුගේ පුතා වන රමේෂ් දිනුක නන්දන සහ ලේලිය විසින් ඔවුන්ට අයත් කුඩා ලොරි රථයකින් බලපිටිය රෝහල වෙත රැගෙන ගොස් ඇති බවත් පොලීසිය කියයි.
කඩු පහාරයෙන් බරපතල ලෙස තිබූ තියුණු කැපුම් තුවාල හේතුවෙන් තුවාල කරු රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව අද(24) අලුයමි කාලයේදී මිය ගොස් ඇති බවද පොලීසිය කියයි.
ඝාතනය සිදු කළ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ් ආරම්භ කළ බවත් මිය ගිය පුද්ගලයාගේ මහේස්තාත් පරීක්ෂණය අද (24)උදේ සිදුකරන බවත් පොලීසිය කියයි. බටපොල පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
