විදුලිය ගාස්තු වැඩිකිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම කිසිදු එකඟතාවයක් ලබානොදීම නිසා විදුලිබල මණ්ඩලය ගැටලු රැසකට මුහුණ දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17දා) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුල අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා රුපියල් කෝටි 500ක් අවශ්‍ය වන අතර, ඒ ඇතුළු වියදම් සොයාගැනීම ගැටලුවක් වී ඇතැයි විදුලිබල ඇමතිවරයා පැවසීයැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.