ගාලු කොටුවේ රාජ්‍ය ආයතන 14ක් ඉවත් කරන්න යයි
ලෝක උරුම ගාලු කොටුව තුළ පවත්වාගෙන යන රාජ්‍ය ආයතන 14ක් ඉදිරියේදී ක්‍රමානුකූලව ඉන් ඉවත් කිරීමට කටයුතු කරන බැව් ගාල උරුමය පදනමේ සභාපති මහාචාර්ය දේව මයිකල්ද සිල්වා මහතා පවසයි.
මෙකී රාජ්‍ය ආයතන සඳහා වෙනත් ස්ථාන ලබාදීමෙන් පසු එසේ ඉවත් කරනු ලබන රාජ්‍ය ආයතන පිළිබඳ තොරතුරු ගැසට් කිරීමට කටයුතු කරන බවද ගාලු උරුමය පදනමේ සභාපතිවරයා සඳහන් කළේය.
අධිකරණ සංකිරණය. මාර්ග සංවර්ධන අධිකාරිය ශ්‍රිලංකා ටෙලිකොම්, යන ආයතනවල කාර්යාලය. පොලිසිය. මෙසේ ඉවත් කිරීමට තීන්දු කොට ඇති ආයතන කිහිපයකි.
රාජ්‍ය ආයතන ඉවත් කිරීමෙන් පසු හිස්වන ගොඩනැගිලි උරුමය. ඉතිහාසය, සංස්කෘතිය ආරක්ෂාවන අයුරින් සංවර්ධනය කොට පලදායි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද හෙතෙම පවසයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් ගාලු උරුමය පදනමෙි සභාපතිවරයා මෙසේද කිවෙිය.
"ස්ථානයක් ලබාදිලා තමයි රාජ්‍ය ආයතන ඉවත් කරන්නේ.ගාලු කොටුව නිහඩ සංචාරක පුරවයක් බවට පත්කිරිමට කටයුතු කරනවා. ගාලුකොටුව තුළට වාහන ඇතුලත් කිරිම කරදරයක් .ඉදිරියේදී රථ වාහන සඳහා වේග සිමා පාලනය කිරිමට කටයුතු කරණවා.ඉදිරියේදී කොටුව තුළ රථ වාහන ගාල් කිරීමට අවසර ලබා දෙන්නේ නැහැ.
ගාලු උරුමය ඈවරකිරිමට තිබු ආයතනයක් මිලියන 40ක් වැය කොට කොටුව තුළ වැසිකිළි පද්ධතියක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කොට තිබෙනවා. ගා සංචාරකයින්ට වැසිකිළි පහසුකම් නැහැ
මීට අමතරව තවත් වැසිකිලි 02ක් ඉදිකිරිමට සැලසුම්ඉ කොට තිබෙනවා.ඉන්දියානු ආධාර යටතේ පිංතාලි කිහිපයක් කොටු පවුර තුළ ස්ථාපිත කිරීමට ඉදිරියේදී කටයුතු කරනවා" යැයිද ගාලු උරුමය පදනමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

