ගාලු කොටුවේ රජයේ ඉඩම් පුදගලයන් 17ක් බලෙන් අල්ලාගෙන
ලෝක උරුම ගාලුකොටුව තුළ පවතින රජයට අයත් ඉඩම් වලින් පර්චස් 21.83 ක් පුද්ගලයින් 17 දෙනෙකු අනවසරයෙන් පුද්ගලික පරිහරණය සදහා යොදාගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
එම ඉඩම් නිරවුල් කරගැනිමට 2024 වර්ෂය තුලදි කටයුතු කරනොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ. අදාළ ආයතන සමග සම්බන්දවි රජයට අයත් ඉඩම් කඩිනමින් නිරවුල්කර පලදායිව ප්‍රයෝජනයට ගත හැකි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමට කටයුතු කළයුතු බැව් විගණනය මගින් නිර්දේශකොට ඇත.
විගණන නිරික්ෂණයේ දි පාදක වි ඇති ඉඩම් සම්බන්දයෙන් අයිතිය තහවුරු කිරිමේ වාර්තාවක් ගාල්ල කඩවත්සතර ප්‍රා දේශිය ලේකම් කාර්යාලයෙන් විමසා ඇති අතර ඒ සදහා මෙතෙක් පිළිතුරු ලැබි නොමැති බව ගාලු උරුමය පදනම විසින් විගණනයට සදහන් කොට ඇත. ලෝක උරුම ගාලු කොටුවේ පර්චස් 01ක වටිනාකම රුපියල් කෝටි දෙකහමාරක් තුනක් අතර මිලක් බව ගාලු කොටුවේ පදිංචිකරුවන් පවසති. ගාලු උරුමය පදනම සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

