ලංකා ධීවර සංස්ථාවේ සතුව ඇති ගාලු ධීවර වරායේ පවතින අයිස් කර්මාන්ත ශාලාව දැනට වැඩ නවත්වා ඇති අතර එහි ඇති ඇමෝනියම් වායුව කාන්දු වීම පිළිසකර කර හැකි ඉක්මණින් එය ඇරබීමට අවශ්‍ය කටයුතු පිළිසකර කරන බව ඊයේ (16දා) එහි සංචාරය කළ ධීවර අමතාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා එහි සේවය කරන සේවකයන් හා ගාල්ල ධීවර සමිති නියෝජිතයින් අමතා ප්‍රකාශ කළේය.
මෙම ඇමෝනියම් වායුව කාන්දු වීම පිළිබදව පේරාණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු ඇතුලු ඉන්ජිනේරුවන් ගණනාවකින්ම වාර්තා ගෙන ඇති බවත්, ඒ අනුව මෙය පිළිසකර කිරීමට විශාල මුදල් ප්‍රමාණයක් වැයවන බැවින් ඒ සදහා සංස්ථාව හෝ අමාත්‍යංශය සතුව අරමුදල් නොමැති බැවින් මෙය පුද්ගලික අංශයට දීමට සිදුවන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.
මෙහිදි අයිස් කර්මාන්ත ශාලාවේ සේවකයින් හා ධීවර නියෝජිතයින් සමග අවසාන සාකජ්චාවක් ලබන සතියේ සිදුකිරීමෙන් පසු හැකි ඉක්මණින් මෙය ආරම්භ කිරීමට පියවර ගන්නා බව පැවසු අමාත්‍යවරයා රජයට මුදල් නොමැතිනම් මෙවැනි දේවල් පෞද්ගලික අංශය මගින් කරවා ගතයුතු බවද ඒ සදහා පෞද්ගලික ආයෝජකයින්ට නිසියාකාරව ටෙන්ඩර් පත් කැදවා එය සිදුකළ යුතු බවද ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය සහ ලංකා ධීවර සංස්ථාවේ සභාපති චතුරංග උඩවත්ත මහතා සහ ධීවර සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂක තුෂාර ලොකු කුමාර මහතා සහ ධීවර වරාය සංස්ථාවේ සාමාන්‍යාධිකාරි මුදලිගේ යන මහත්වරුන් සහභාගි විය.