ගාලු මුවදොර ආශ්‍රිතව ගෝඨාගෝගම නමින් ස්ථාපිත කර තිබු භූමියට සිදුව ඇති හානිය රුපියල් ලක්ෂ 49 ක් පමණ වන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
ගෝල්ෆේස් අරගල භූමියට සිදුව ඇති අලාභ හානිය පිළිබදව තක්සේරු වාර්තාවක් ලබා ගැනීමට මේ වන විට කටයුතු කර ඇති බවද එම අධිකාරිය කියයි.
එම භූමිය නැවත සැකසීම සහ මූලික කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 1 ½ ක් සහ එහි තණ පිඩලි ඇල්ලීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 47 ½ ක් වැය වන බව නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද එම තක්සේරු වාර්තාවෙහි සදහන් වේ.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් ගෝල්ෆේස් පිට්ටනිය ආශ්රිත ප්‍රදේශයට සිදුකළ හානියට වන්දි අරගලකරුවන්ගෙන් අයකර ගැනීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විෂය භාර ඇමති අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට පසුගියදා උපදෙස් ලබා දී තිබුණි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස පවසමින් මාස 3ක පමණ කාලයක් අරගලකරුවන් පිරිස ගෝල්ෆේස් පිටිය ආශ්රිත භූමිය තුළ අනවසරයෙන් රැදී සිටියහ. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත් වීමෙන් පසුව අරගලකරුවන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට අධිකරණය විසින් දැනුම් දුන් අතර ඒ අනුව ඔවුන්ට එම ස්ථානයෙන් ඉවත් වීමට සිදු විය.
