ජනතාවගේ විසම්මුතියේ නිදහස නීත්‍යානුකූලව භාවිත කිරීම කඩාකප්පල් කිරීම සඳහා කුමන හෝ පියවරක් ගැනීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) පෙන්වා දෙන්නේ, විශාල මහජන විරෝධයක් පවතින ගාලුමුවදොර පිටිය ආසන්නයට පොලිස් ට්‍රක් රථ ගණනාවක් ගෙන යන බවට විශ්වාසදායක තොරතුරු එහි සාමාජිකයන්ගෙන් ලැබුණු බවයි. කෙසේ වෙතත් සමාජ මාධ්‍යවල උලුප්පා දැක්වීමෙන් සහ බලධාරීන්ගේ අවධානයට යොමු කිරීමෙන් පසුව දැන් එම ට්‍රක් රථ ඉවත්කර ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව, රටේ මහජනතාවගේ සාමකාමී විරෝධය කුමන ආකාරයකින් කඩාකප්පල් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් ගැන ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ බලවත් අවධානය යොමුව ඇත. එසේම එවැනි ඕනෑම උත්සාහයක් රටට, ප්රජාතන්ත්රවාදයට, එහි ආර්ථිකයට සහ නීතියේ ආධිපත්‍යයට බරපතල ප්‍රතිවිපාක ඇති කරනු ඇතැයිද ශ්‍රී ලංකා නීතීඥ සංගමය එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.