ගාල්ල මහනගර සභාවේ කැළිකසල ඉවත් කිරිම සදහා ට්‍රැක්ටර් ඇතුළු යන්ත්‍ර 30ක් පමණ වාහන අංගනයේ තිබුනද එවායින් ධාවනය කළ හැක්තේ ට්‍රැක්ටර් ඇතුළු යන්ත්‍ර13ක් පමණක් බැව් ගාල්ල මහනගර සභාවේ නව නගරාධිපති සුනිල් ගමගේ මහතා පවසයි.
කැළිකසල ඉවත් කිරිම සදහා යොදාගනු ලබන ඇතැම් ට්‍රැක්ටර් හා යන්ත්‍ර වසර විස්සකට වඩා පැරණි එවා බවද හෙතෙම පවසයි. මේ පිළිබද අදහස් දක්වමින් නගරාධිපතිවරයා මෙසේද කිවේය.
"ගාල්ල නගරයේ කැළිකසල ප්රශ්නය බරපතල ගැටඵවක් බවට පත්වෙලා තියෙනවා. කැළිකසල ඉවත් කිරිම සදහා ඇති ට්‍රැක්ටර්,මැෂිම් ඇතුළු යන්ත්‍ර 30න් 13ක් පමණයි ධාවන කටයුතු සදහා යොදාගන්න පුළුවන්. ට්‍රැක්ටර් ඇතුළු යන්ත්‍ර 17ක්ම ගොඩඇදලා තියෙන්නේ මෙම යන්ත්‍ර සදහා අමතර කොටස් ලබා ගැනිමේ ප්‍රමාදය නිසා තමයි මෙම තත්ත්වය උදාවෙලා තියෙන්නේ .වෙනත් ට්‍රැක්ටර් හා යන්ත්‍රවල තියෙන අමතර කොටස් ගලවලා තමයි එවා ධාවනය කරලා තියෙන්නේ . මේක දිගින් දිගටම සිදුවෙලා තියෙනවා.
කැළිකසල ඉවත් කිරිමේ මැෂිම් අවශ්‍ය වෙනවා. උදැසන 6.30 පමණ වනවිට ගාල්ල නගරය පිරිසිදු කරලා අවසන් කිරිම තමයි අපේ බලාපොරොත්තුව. ඒ නිසා අළුයම 4.00 පමණ වනවිට කැළිකසල ඉවත් කිරිම ආරම්භ කිරිම තමයි අපේ බලාපොරොත්තුව මේ පිළිබද සේවකයින් සමගත් සාකච්ඡා කරලා තියෙනවා ඒ වෙනුවෙන් දිවා රාත්‍රි නොබලා අපි කැපවෙනවා" යැයිද නගරාධිපතිවරයා සදහන් කළේය.
චන්දන සමරවික්‍රම