ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට වෙන්කළ මුදලින් රු. කෝටි 17ක් උපයෝජනය කර නෑ
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත වෙනත් අමාත්‍යංශ හා දෙපාර්තමෙන්තු වෙනුවෙන් වියදම් දැරිම සදහා ලැබි තිබු ප්‍රතිපාදන වලින් රුපියල් දාහත්කෝටි,හැත්තැහත්ලක්ෂ,අසුපන්දහස් අටසියහැත්තැහතක (177,785,877) ප්‍රතිපාදන ඉකුත් වර්ෂයේ (2025) දෙසැම්බර් මස 31 දින වනවිට උපයෝජනය නොකර ආපසු හරවා යවා තිබු බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2025 වර්ෂයට අදාළ නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේ සදහන් වේ.
2025 වර්ෂයේ දි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත වෙනත් අමාත්‍යංශ හා දෙපාර්තමෙන්තු වෙනුවෙන් වියදම් දැරිම සදහා වැය ශිර්ෂ 46කින් රුපියල් හාරසියදාහත්කෝටි,හැටදෙලක්ෂ,පහළොස්දහස් පන්සිය හතලිස්හතරක (4,176,215,544) ප්‍රතිපාදන ලැබි තිබුණි.
මින් වැයශිර්ෂ 35ක් යටතේ ලැබි තිබු ප්‍රතිපාදන උපයෝජනය නොකිරිම සියයට 30 සිට සියයට 100 දක්වා වු පරාසායක පැවති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
