ගාල්ලේ පුරන් කුඹුරු අක්කර 700ක් අස්වද්දයි
දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් 2025/2026 මහ කන්නය තුල මේ වනවිට පුරන් කුඹුරු අක්කර 703ක් ඇස්වැද්දිම සදහා අවශ්‍ය මුලික කටයුතු සිදුකොට ඇති බැව් වි වගාව පිළිබද ගාල්ල දිස්ත්‍රික් විෂයානුබද්ධ නිලධාරි ඩි.ඩි.කේ සේනාධිරත්න මහතා පවසයි.
මෙවර මහ කන්නයේ දි ගාල්ල දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අක්කර 1000ක් අස්වැද්දිම සදහා සැලසුම්කොට ඇති අතර මේ වනවිට ඉන් අක්කර 703ක් වගා කිරිම සදහා ගොවින් විසින් මුලික බිම් සකස් කිරිම සිදුකොට වගා කිරිමේ කටයුතු ආරම්භකොට ඇති බවද හෙතෙම පවසයි. පුරන් කුඹුරු අස්වැද්දිමේ ව්‍යාපෘතිය යටතේ අක්කරයක් සදහා ගොවි මහතෙකුට නොමිලේ බිත්තර වි බුසල් 02ක් සහ රුපියල් දසදහසක මුදලක් ලබාදෙන බව ද ඩි.ඩි.කේ සේනාධිරත්න මහතා පවසයි.
කන්න පහක් වගාකොට නොමැති පුරන් කුඹුරු සදහා ගොවි ජනතාවට මෙම ප්‍රතිලාභය හිමිවන බව සදහන් කළ වී වගාව පිළිබද විෂයානුබද්ධ නිලධාරිවරයා ප්‍රතිලාභින් තෝරාගැනිම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජනසේවා මධ්‍යස්ථාන මගින් සිදුකරණු ලබන බවද හෙතෙම පෙන්වාදෙයි.
මෙම වර්ෂයේ යල කන්නය තුල පුරන් කුඹුරු අක්කර 559.5ක් වගාකොට ඇති බව සදහන් කළ සේනාධිරත්න මහතා එම ගොවින්ට නොමිලේ බිත්තර වි ලබාදිම සදහා රුපියල් රුපියල් ලක්ෂ 60ක මුදලක් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වැයකොට ඇති බව ද පවසයි. දකුණු පළාත් සභාවේ පළාත් නිශ්චිත ප්‍රතිපාදන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු වගා කිරිම සදහා මෙම වර්ෂය තුල (2024) රුපියල් මිලියන 20.6ක මුදල් ප්‍රතිපාදන වෙන්වි ඇති බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

