තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහයෝගය පළ කිරීමට තීරණය කල බව බද්දේගම ප්‍රාදේශීය සභා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ගයාන් සමීර මදුසංක හතරසිංහ මහතා අද (26) පැවසිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බද්දේගම ආසන සංවිධායක මලිත් ගුණවර්ධන මහතා සමග තමා ඉදිරියේදී එම පක්ෂයේ ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කරන බවද මෙහිදී ගයාන් මහතා කිවේය
මේ රජය නිර්මාණය කල ජන ජිවිතයට රටේ පවතින අයහපත් තත්ත්වය තමාගේ මේ තීරණයට හේතුව බවද ගයාන් මහතා කීය.
මෙලෙසම පවසමින් කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී දුශාන් ප්‍රසන්න කාරියවසම් මහතා ද සිය පක්ෂයෙන් ඉවත්වූ අතර ඒ මහතා වෙනත් පක්ෂය කොට නොගොස් ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළේය.
මේ ආකාරයට මේ වනවිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත්වූ ගාලු දිසාවේ ප්‍රාදේශීය මන්ත්‍රී සංඛ්‍යාව දෙකකි.
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත

