“ජනතාවගේ ඉල්ලීමට උණ්ඩයෙන් පිළිතුරු දෙන්න එපා” යැයි කියමින් ගාල්ලේ නීතිඥවරු පිරිසක් අද (20දා) දහවල් ගාල්ල නගරයේ උද්ඝෝෂණයක නිරතවූහ.
කොටුව උසාවි සංකීර්ණය අසළ සිට පා ගමනින් ගාල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිටට පැමිණි නීතිඥවරු සිය ගණනක් එම ස්ථානයේ ඇති අඛණ්ඩ උද්ඝෝෂණ ස්ථානය අසළට පැමිණ සිය විරෝධතාවයේ නිරතවූහ.
ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක විරෝධතාව දැක්වීම පුරවැසි අයිතියක් බවත් එවැනි කාර්යයක නිරතවන ජනතාවට එරෙහිව ප්රචණ්ඩත්වය ඇතිකිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් ඔවුහු පැවසීය.
සිරංගිකා ලොකුකරවිට

