රටේ උද්ගත වී ඇති තත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් විරෝධය පළකරමින් ගාල්ලේ නීතිඥවරු අද (01දා) දහවල් උද්ඝෝෂණයක නිරතවූහ.
මෙම නිහඬ උද්ඝෝෂණය ගාල්ල කොටුව උසාවි සංකීර්ණය අසළ දී පැවැත්විණි.
"Gota go Home" යනුවෙන් සඳහන් පුවරු රැගෙන උද්ඝෝෂණයට එක්ව සිටි ඔවුන්ගේ ඉල්ලීම වූයේ උද්ඝෝෂණය ජනතා අයිතියක් බැවින් ඒ සඳහා රජය ඉඩ ලබාදිය යුතු බවයි. එමන්ම අනීතික ගිවිසුම් නවතා දැමිය යුතු බවත්, ජීවන වියදම අඩුකළ යුතු බවත් නීතිඥයෝ කියා සිටියහ.
ගාල්ල සිරංගිකා ලොකුකරවිට




