කොරල් රෝපනය කිරිමේ වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ සිනිගම හා උණවටුන මුහුදේ කොරල් රෝපණය කිරිමේ වැඩසටහන් දෙකක් ඉතා සාර්ථකව සිදුකොට ඇති බැව් සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.
උණවටුන මුහුදේ කොරල් බෝල්ඩර් 10ක් ගිල්වා එම බොල්ඩර් මත acropora විශේෂයට අයත් කොරල් රෝපණය කිරිම සිදුකොට ඇත. එමෙන්ම හික්කඩුව සිනිගම දේවාලය අසල මුහුදු තිරයේ කොරල් බෝල්ඩර් 05ක් ගිල්වා එම බෝල්ඩර් මත acropora විශේෂයට අයත් කොරල් රෝපණය කිරිමට කටයුතු කරඇති බවද සමුද්‍ර පරිසර ආරක්ෂණෂ අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පෙන්වාදෙයි.
වෙරළබඩ හා සමුද්‍ර පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කර සංරක්ෂණය කිරිමේ ව්‍යාපෘතිය යටතේ කොරල් රෝපනය කිරිමේ වැඩසටහන ක්‍රියාත්මක කොට ඇත.