ගාල්ලේ කුණු අදින වාහන සියයට 90ක් අබලන්
ගාල්ල මහනගර සභාවේ කැළිකසල කළමණාකරණ ඒකකයේ ඇති වාහන වලින් සියයට අනුවක් පමණ අබලන් තත්ත්වයේ පවතින බැව් ගාල්ල මහනගරසභාවේ මහනගරාධිපති සුනිල් ගමගේ මහතා පවසයි.
කැළිකසල රැගෙන යාම සදහා ඇති වාහන වසර 15කට වඩා පැරණි ඒවා බව සදහන් කළ මහනගරාධිපතිවරයා ඇතැම් වාහන ධාවනය කිරිමට නොහැකිව ගාල්කොට ඇති බවද හෙතෙම පෙන්වා දෙයි. මේ පිළිබදව අදහස් දක්වමින් නගරාධිපතිවරයා මෙසේද කිවේය.
කැළිකසල රැගෙන යාම සදහා ට්‍රිපර් රථ 03ක් තියෙනවා. ඉන් ට්‍රිපර් රථ 02ක් පවතින විවිධ ගැටළු නිසා ධාවනය කරන්න බැහැ. එක් ට්‍රිපර් රථයක් තමයි කසල ඇදිමට යොදාගන්නේ. ජේ.සි.බි යන්ත්‍ර 02ක් තියෙනවා. එම යන්ත්‍ර දෙකම වැඩකරන්නේ නැහැ.
කැළිකසල අදින ට්‍රැක්ටර් 18 ක් තියෙනවා. එම ට්‍රැක්ටර් රථ වසර 15කට වඩා පැරණි එවා. ඉතා අබලන් තත්තවයේ තමයි මෙම වාහන තියෙන්නේ. දිනකට ගාල්ල මහනගර සභා බල ප්‍ර දේශය තුල කැළිකසල ටොන් 300ක් විතර එකතුවෙනවා. වාහන ගැටළුව කැළිකසල කළමණාකරණ කටයුතු වලදි දැඩි බලපැමක් මෙන්ම අභියෝගයක් බවට පත්වෙලා තියෙනවා. එවැනි බාධක මැද තමයි කැළිකසල කළමණාකරණය කරගෙන යන්නේ.
මහනගර සභාවේ කැළිසල ඒකකය සදහා අවශ්‍ය රථවාහන හා යන්ත්‍ර ලබා ගැනිම සදහා ජපානයේ හා ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රිලාංකිකයින් සමග සාකච්ඡා පවත්වාගෙන යනවා. ඕස්ට්‍රේලියාවේ තියෙනවා ගාලු සංසදය නමින් සංවිධානයක් ඒ අය සමග මේ ගැන සාකච්ඡාකොට ඇති බවද නගරාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
