ගාල්ලේ ඉන්දියානු ජාතික කම්කරුවන් 14 දෙනෙකු ස්වයං නිරෝධායනයට
- 8 04 2020
- 19:58
- {{hitsCtrl.values.hits}} views
- ජිනේෂ් නානායක්කාර
ගාල්ල වරායට පැමිණෙන නෞකාවලින් ක්ලින්කර් ගොඩබානු ලබන ඉන්දියානු ජාතික කම්කරුවන් 14 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කල බව ගාල්ල වරාය පොලීසිය පවසයි.
මෙකි ඉන්දියනු ජාතික කම්කරුවන් නෞකාවේ ඇති ක්ලින්කර් බාජ් උපයෝගිකරගෙන ගොඩබානු ලබන කම්කරුවන් පිරිසක් බවද පොලීසිය පවසයි. මොවුන් දැනට වසරකට පමණ කාලයක් තිස්සේ මෙරට රැඳි සිටින අය බවද පොලීසිය පවසයි.
නෞකාවේ ක්ලින්කර් ගොඩබා අවසන් විමෙන් පසු නෞකාව වරයෙන් පිටත්ව ගොස් ඇත. ඒ අනුව මෙකි කම්කරුවන් 14 දෙනා ගාල්ල වරායේ වෛද්‍ය නිලධාරිවරිය හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වෙත යොමු කිරිමෙන් පසු මොවුන් ස්වයං නිරෝධනයට ලක් කල බව පොලීසිය පවසයි.
මකුළුව ප්‍රදේශයේ නිවසක නාවික හමුදාවේ ආරක්ෂාව යටතේ මොවුන් ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටින බවද ගාල්ල වරාය පොලීසිය පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
