ගාල්ලේ අස්වැසුම ලාභීන් 4972ක් සවිබල ගැන්වීමට අකමැත්තෙන්
ගාල්ල දිස්ත්‍රික්කයේ අස්වැසුම ප්‍රතිලාභින් 4972 නෙකු සවිබල ගැන්විමේ වැඩසටහන සඳහා සම්බන්ධවීමට අකමැත්ත ප්‍රකාශකොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂිකා කාංචනා චතුරාණි මහත්මිය සදහන් කළාය.
අස්වැසුම ප්‍රතිලාභය අහිමිවේ යැයි භියට මොවුන් සවිබලගැන්විමේ වැඩසටහන සදහා සම්බන්ධවිමට අකමැත්ත ප්‍රකාශකොට ඇති බවද සමෘද්ධි අධ්‍යක්ෂකවරිය පවසන්නිය.
අස්වැසුම ප්‍රතිලාභින් සවිබලගැන්විමේ වැඩසටහන සදහා සම්බන්දකරගැනිමට කැමැත්ත, අකමැත්ත ලබාගැනිමට අයදුම්පතක් ඉදිරිපත්කොට තොරතුරු ලබා ගන්නා බව සදහන් කළ ඇය අස්වැසුම ප්‍රතිලාභින් 3770 දෙනෙකු සවිබල ගැන්විමේ වැඩසටහන සදහා සම්බන්දවිමට කැමැත්ත ප්‍රකාශකොට ඇති බවද සමෘද්ධි අධ්‍යක්ෂිකා කාංචනා චතුරාණි මහත්මිය සදහන් කළාය.
ගාල්ල දිස්ත්‍රික්කයේ තවත් අස්වැසුම ප්‍රතිලාභින් 5668 දෙනෙකු සවිබලගැන්විමේ වැඩසටහන සදහා හදුනා ගැනිමට ඇති බවත් සවිබලගැන්විමේ නිර්නායක අනුව සවිබලගැන්විමේ වැඩසටහනට සම්බන්දවිමට කැමැත්ත ප්‍රකාශකොට ඇති පවුල් 4035කගේ පවුල් සංවර්ධන සැලසුම් සකස්කර ඇති බවද සමෘද්ධි අධ්‍යක්ෂකවරිය සදහන් කළාය.
අස්වැසුම ප්‍රතිලාභි පවුල්වල දරු දැරියන්ට විවිධ වෘත්තිය පුහුණු පාඨමාලා සදහා සම්බන්දකරගැනිමට උත්සාහ කළද අස්වැසුම ප්‍රතිලාභය අහිමිවේ යැයි භියට ඔවුන් ඒ සදහා සම්බන්ද නොවන බවද ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් සදහන් කළාය. ගාල්ල දිස්ත්‍රික්කයේ සිටින අස්වැසුම ප්‍රතිලාභින් සංඛ්‍යාව අනුහත්දහසකට ආසන්න සංඛ්‍යාවක් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
