ගාල්ලේ ග්‍රාම නිලධාරීවසම් 300ක සමෘද්ධි සංවර්ධන නිලධාරින් නෑ
ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරිවසම් 300ක රාජකාරි කටයුතු කිරිම සදහා සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ හිගයක් පවතින බව ගාල්ල දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්විමේ දි අනාවරණය විය.
සමෘද්ධි සංවර්ධන නිලධාරින් මෙකි ග්‍රාම නිලධාරි වසම්වල අමතර දිමනාවක් ලබාගැනිමෙන් තොරව රාජකාරි කටයුතු සිදුකරණ බවද මෙම රැස්විමේ දි අනාවරණය වු අතර මෙම තත්ත්වය පිළිබද දිසාපති සමුළුවේ දි සාකච්ඡාකිරිමට අදහස්කොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ලේකම්.කේ.යු. චන්ද්‍රලාල් මහතා විසින් මෙහිද ප්‍රකාශ කළේය.
එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ ප්රජාසවිබලගැන්විමේ වැඩසටහන යටතේ මෙම වර්ෂයේ ජුනිමස 15 දින වනවිට ප්‍රතිලාභින් 2426ක පවුල් සවිබල ගැන්විම සදහා ජිවනෝපාය සංවර්ධන ව්‍යාපෘති 776ක් අනුමතකර ඇති අතර පවුල් සැලසුම් 3413ක් සහ ව්‍යාපාර සැලසුම් 633ක් සකස්කොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක කාංචනා චතුරානි මහත්මිය සදහන් කළාය.
ගාල්ල දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්විම එහි සභාපති වෘත්තිය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

