ගාල්ල වරාය ආසන්නයෙන් යාත්‍රා කරමින් තිබූ නෞකාවක දී අසනීප වූ සේවකයෙකු කරාපිටිය රෝහලට ඇතුලත් කරන විට මියගොස් සිටි බව ගාල්ල වරාය පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මිචෙල් මලාගා නැමැති 43 හැවිරිදි පිලිපීන ජාතිකයෙකි. මාෂල් දූපත් වලට අයත් එම නෞකාවේ භෝජනාගාර සේවකයෙක් ලෙස ඔහු සේවය කර ඇත.
තම සේවකයෙකු රෝගී වී ඇති බවටත් ඔහුට ප්‍රථිකාර ලබා දීම සඳහා ගොඩබිමට රැගෙන යන ලෙසත් සඳහන් කරමින් නැවේ කපිතාන්වරයාගෙන් ලැබුණු දැනුම් දීම මත නැව් සඳහා සේවා සපයන සමාගමකින් පසුගිය 26 වනදා, මෙම පුද්ගලයා ගාල්ල වරායට ගෙනවිත් තිබේ. වරායේ සේවයේ නියුතු වෛද්‍යවරයා, රෝගී පුද්ගලයාට හදිසි ප්‍රථිකාර ලබාදී ඇති අතර වහාම කරාපිටිය රෝහලට ඇතුලත් කරන ලෙස උපදෙස් දී තිබේ.
කෙසේවුවද කරාපිටිය රෝහලේ හදිසි ප්‍රථිකාර ඒකකයේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ මෙම පුද්ගලයා රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටි බවයි.
සිරංගිකා ලොකුකරවිට