ගාල්ලට ගෙනා ධීවර යාත්‍රාවේ රු. බිලියන 1.5ක අයිස් හා හෙරොයින්
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ එකසිය එකයි (101) ග්‍රෑම් අටසිය හැත්තෑවක (870) පමණ තොගයක් අඩංගු උර හයක් (06) ප්‍රවාහනය කල දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගනු ලැබු අතර, එම මත්ද්‍රව්‍ය තොගය රැගත් බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි නීතිමය හා විමර්ශන කටයුතු සඳහා අද දින උදෑසන ගාල්ල වරාය වෙත ගෙන එනු ලැබීය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය සහිතව මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් එහිදී සිදුකල වැඩිදුර පරීක්ෂාවේදී, එම මත්ද්‍රව්‍ය තොගයෙහි පාර්සල් පනස් දෙකක (52) අසුරන ලද හෙරොයින් කිලෝ පනස් අටයි (58) ග්‍රෑම් හත්සිය තිස් හයක (736) පමණ තොගයක් සහ පාර්සල් පනහක (50) අසුරන ලද අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ හතලිස් තුනයි (43) ග්‍රෑම් එකසිය තිස්හතරක (134) පමණ තොගයක් ඇති බවට තහවුරු විය. එම මත්ද්‍රව්‍ය තොගයේ දල වීථි වටිනාකම රුපියල් බිලියන 1.5කට (කෝටි 150) අධික බවට විශ්වාස කෙරෙන අතර, සැකකරුවන් පස්දෙනා (05), මත්ද්‍රව්‍ය තොගය සහ බහුදින ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දෙනු ලැබීය.
මෙම මත්ද්‍රව්‍ය තොගය නිරික්ෂණය සඳහා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික), නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරා සහ අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් චමින්ද කරුණාසේන ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.
එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමා, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට සමඟාමීව, ‘රටම එකට’ ජාතික මෙහෙයුම වෙනුවෙන් මත්ද්‍රව්‍ය සැපයීම අඩාල කිරීම සඳහා සමුද්‍රීය කලාපය ආවරණය වන පරිදි තීව්ර මෙහෙයුම් නාවික හමුදාව නිරන්තරයෙන් ක්‍රියාත්මක කරනු ලබන බවත්, නාවික හමුදාව ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකසිය එකකට (101) අධික තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත් වූ බවත් පවසන ලදි.
මත්ද්‍රව්‍ය ව්‍යසනය ජාතික ආර්ථිකයට, සමාජ සංවර්ධනයට, තරුණ පරපුරට සහ පාසල් දරුවන් වෙත විශාල අහිතකර බලපෑමක් ඇති කර ඇති බවත්, ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ නාවික හමුදාව; වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, අනෙකුත් සන්නද්ධ හමුදා, පොලීසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව, දේශීය හා විදේශීය බුද්ධි අංශ සමඟ තොරතුරු හුවමාරු කර ගනිමින් දිවයිනේ ගොඩබිම සහ මුහුදු කලාප ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් තීව්ර කර ඇති බැවින්, රට තුලට මත්ද්‍රව්‍ය ගෙන ඒමට කිසිදු ඉඩක් නොතබන බව නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමා අවධාරණය කළේය.
ආරක්ෂක අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය ඒකාබද්ධ වෙමින් මත්ද්‍රව්‍ය සැපයීම සහ මත්ද්‍රව්‍ය ඉල්ලුම අඩාල කිරීම සඳහා නව නීති සම්පාදනය කරමින් හා තාක්ෂණික උපකරණ හා උපාංග ලබා දෙමින් නාවික හමුදාවේ ආවේක්ෂණ හැකියාව පුළුල් කර ඇති බවත්, නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත රජය විසින් ලබා දෙන පහසුකම් හමුවේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මුහුදෙන්, ගුවනින් හෝ වරාය මඟින් යන කිසිදු ක්‍රමයකින් මත්ද්‍රව්‍ය රට තුළට රැගෙන ඒමට ඉඩක් නැති බව පැවසූ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමා, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වෙත හා ඒ සඳහා අනුබල දෙන හා පහසුකම් සපයන්නන් වෙත විෂ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉවත්වන ලෙස අවධාරනය කළේය.
නාවික හමුදාව මුහුදේදී ආපදාවට පත්වන ධීවර ප්‍රජාව බේරා ගැනීම සඳහා නිරන්තර කැපවීමේන් කටයුතු කරන බවත්, නීතියානුකූල ලෙස ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවර ප්‍රජාව රැක ගැනීම සඳහා විශේෂ අවදානයෙන් පසුවන බවත් පැවසූ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමා , ධීවර කටයුතු මුවාවෙන් නීති විරෝධී කටයුතු සිදුකරනු ලබන කිසිදු පුද්ගලයෙකුට නීතියෙන් ගැලවීමට අවස්ථාවක් නොමැති බවත් අවධාරණය කරන ලදි.
රාජ්‍ය බුද්ධි සේවාව ඇතුළු බුද්ධි සේවාවන් සමඟ තොරතුරු හුවමාරුකර ගනිමින් දින ගණනාවක් ගැඹුරු මුහුදේ ආවේක්ෂණ කටයුතු සිදුකර විශාල කැපවීමකින් යුතුව, සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුමක් සිදුකිරීම සම්බන්ධයෙන්, එම මෙහෙයුම සාර්ථකව සිදුකිරීම සඳහා දායක වූ නාවික හමුදාව සහ අනෙකුත් සියළුම පාර්ශවයන් වෙත ගරු ජනාධිපතිතුමන් වෙනුවෙන් සහ සමස්ථ මහජනතාව වෙනුවෙන් සිය කෘතඥතාව පලකරන බව පැවසූ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමා, මත් ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සාර්ථකව සිදුකිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත ක්ෂණික දුරකථන අංක 1818 හෝ 1997 ඔස්සේ තොරතුරු ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිමින්, මත්ද්‍රව්‍ය ව්‍යසනය පිළිබඳව සමාජය දැනුවත් කිරීම සඳහා මාධ්‍ය මඟින් සිදුකරනු ලබන කාර්යභාරය අගයන බව පවසන ලදි.
තවද, මෙම මෙහෙයුමත් සමග, 2025 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ සිට, ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකල මෙහෙයුම් මඟින්, රුපියල් බිලියන එකසිය පහලොවකට (115) අධික දළ විථි වටිනාකමකින් යුත් විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇති අතර, 2026 වසරේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මගින් පමණක් රුපියල් බිලියන හැත්තෑ හතරකට (74) අධික දළ විථි වටිනාකමකින් යුත් විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
