ගානියා බැරිස්ටර්ට එරෙහිව අධිචෝදනා භාර දෙයි
රජය අපහසුතාවට පත් කරමින් අසත්‍ය තොරතුරු සැපයූ බව කියන සිද්ධියට අදාළව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් යන අයට කොළඹ මහාධිකරණය අද අධිචෝදනා භාර දෙනු ලැබිය.
මෙම නඩුව ජූනි මස 04 වෙනිදා යලි කැඳවීමට නියමිතව ඇත.
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ මාලිගාවත්ත පදිංචි ගානියා බැරිස්ටර් ෆැන්සිස් යන අය කුරුඳුවත්ත බල ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ලිංගික අතවර කර පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන අයට වීසා දීම පිළිබඳ ප්‍රශ්න කර පැය කිහිපයක් රඳවා තබා ගෙන මුදා හැරීම පිළිබඳ ශ්‍රී ලංකා ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ දෙවැනි නිලධාරියකු විසින් පොලිස්පතිවරයාට 2019 නොවැම්බර් මස 27 දින ලිඛිතව කළ පැමිණිල්ලක් කර තිබුණා.
කෙසේ වෙතත් පොලිස් පරීක්ෂණ වලදී එවැනි සිදු වීමක් සිදු නොවී ඇති බවත් එය අසත්‍ය තොරතුරු මත පදනම් කර ගෙන සිදු කළ පැමිණිල්ලක් බව නීතිපතිවරයා චෝදනා කර සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

