නුවරඑළිය ග්‍රෙගරිවැවේ පා වෙමින් තිබු නාදුනන පුද්ගල මළ සිරුරක් (06) දින හමු වූ බව නුවරඑළිය පොලිසිය පැවසීය. නුවරඑලිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ ග්‍රෙගරිවැවේ ජලය නානුඔයට ගලා බසින පාලමට යාබදව පුද්ගල මළසිරුරක් පා වෙමින් තිබෙන බවට එම ජලාශයේ බෝට්ටුකරුවන් විසින් පොලිසිය වෙත ලබා දුන් තොරතුරක් මත සිරුර සොයා ගෙන ඇත.
පා වෙමින් තිබු මළසිරුර නුවරඑළිය මහේස්ත්රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පෂ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව සිරුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නුවරඑළිය පොලිසියේ නිළධාරියෙකු පැවසීය.
