ග්‍රෙගරි වැවේ අශ්ව බල 85ට වැඩි බෝට්ටුවලට තහනමක්
නුවරඑළිය ග්‍රෙගරිවැවේ දැනට පවත්වාගෙන යන ඇතැම් බෝට්ටු සේවාව තුලින් සිදු වන අනතුරු බහුල නිසා එම බෝට්ටු සේවාව මාස 2ක් ඇතුලත විධිමත් ආකාරයෙන් පවත්වාගෙන යැමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නුවරඑලිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීආරච්චි මහතා නුවරඑළිය නාගරික කොමසාරිස් ඉෂාන් විජයතිලක මහතා වෙත (25) දින උපදෙස් දෙනු ලැබූහ.
නුවරඑලිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එම කමිටුවේ සභාපති නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශ්‍රාමික ප්‍රජා විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.
මෙහිදි දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපතිවරයා නුවරඑළිය නගර සභාවේ නාගරික කොමසාරිස්වරයාගෙන් විමසා සිටියේ දැනට නුවරඑළිය ග්‍රෙගරිවැවේ පවත්වාගෙන යන බෝට්ටු කොපමණ ප්‍රමාණයක් තිබෙද යන්න පිලිබදවයි.
එහිදි බෝට්ටු 129ක් සාමාන්‍ය බෝට්ටු ලෙසත් ජේට්ස්කි බෝට්ටු 21ක්ද ග්‍රෙගරිවැවේ ධාවනය කරවන බවද නාගරික කොමසාරිස්වරයා පැවසීය.
ඉන් ඇතැම් බෝට්ටු සේවාවන් ලියාපදිංචි නොවී රක්ෂණ සහතිකයක් පවා නොමැතිව ධාවනය කරවන බවට මෙම රැස්වීමේදි හෙළිදරව් වූ අතර, මින් ඉදිරියට අශ්වබල 85ට වඩා ධාරිතාවයකින් යුත් බෝට්ටු ධාවනයෙන් ඉවත් කිරිමටත්, අශ්වබල 85ට වඩා බෝට්ටු ධාවනය තුලින් ග්‍රෙගරිවැවේ පරිසර හානියක්ද සිදු වන බවයි දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ.
දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි වූ රාජ්‍ය නිළධාරින් කිහිප දෙනෙකුම කියා සිටියේ, ග්‍රෙගරිවැව කිලෝමීටර් 4 ½ක වපසරියකින් යුතු බවත්, එම වැවේ සුන්දරත්වය නරඹමින් වැව වටේ බෝට්ටු සවාරියක් යැමට අවසර ලබා දිම තුලින් ග්‍රෙගරිවැවේ බෝට්ටු සවාරි යන සංචාරකයන්ගේ ආරක්ෂාව මෙන්ම ග්‍රෙගරිවැවේ පරසරයද ආරක්ෂාවන බවයි.
ග්‍රෙගරිවැවේ බෝට්ටු සේවය පවත්වාගෙන යෑමට ලබා දී ඇති නිර්ණායකවලට පටහැනිව බෝට්ටු සේවාවන් පවත්වාගෙන යන බවට නාවික හමුදාවෙන්ද තමන් වෙත පවසා ඇති බවයි නාගරික කොමසාරිස්වරයා මෙම රැස්විමේදි කියා සිටියේ.
ග්‍රෙගරිවැවේ විනෝදාස්වාදය සදහා පවත්වාගෙන යන බෝට්ටු සේවාව සහ අනෙකුත් සේවාවන් තුලින් නුවරඑළිය මහ නගර සභාවට වාර්ශිකව ලැබෙන ආදායම ඉතා අඩු බවත්, එම ආදායම් තත්වය වැඩි කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද නුවරඑලිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා විසින් නුවරඑළිය නගර සභාවේ නාගරික කොමසාරිස්වරයාට උපදෙස් ලබා දෙන ලදි.
ග්‍රෙගරිවැවේ අපජල කළමණාකරණය සහ පිරිසිදු පානීය ජලය ලබා දීමේ ව්‍යාපෘතිය සදහා රජය මගින් රු.බිලියන 25ක ප්‍රතිපාදන වෙන් කර ඇති නිසා ග්‍රෙගරිවැවේ පාලනය සහ නඩත්තු කටයුතු වාරි මාර්ග දෙපාර්තමේන්තුවට භාර දීමටත්, ග්‍රෙගරිවැවේ ආදායම් උත්පාදනය සහ ග්‍රෙගරිවැව අවට පරිසරය අලංකාරව පවත්වාගෙන යෑම නුවරඑලිය මහ නගර සභාවටත්, බලය පැවරෙන සේ දෙපාර්ශවයම සාකච්ඡා කර එකගතාවයකට පැමිණ ගිවිසුමකට දින වකවානු යොදා ගනිමින් එළබෙන ලෙස නුවරඑලිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා නුවරඑළිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

