ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත ඔරලෝසු කණුව අසළදී යතුරු පැදයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක්සි දුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් තිබේ. ඊයේ රාත්රී මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
වෙඩි වැදී තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ. මරණකරු අවුරුදු 26ක් වන කැළණිය පදංචිකරුවෙකි.
වෙිඩ තැබීමෙන් අනතුරුව සැකකරුවන් පළාගොස් ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අණාවරණය නොවන බව පොලීසිය කියයි. මෙම වෙඩි තැබීම සඳහා රිවෝල්වර අවියක් යොදා ගන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
මේ අතර අද අලුයම මරදාන පොලිස් වසමෙ පංචිකාවත්ත ප්ර දේශයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක්සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවා ලබා තිබේ.
වෙඩි වැදී තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. තුවාලකරු අවුරුදු 44ක් වන
පංචිකාවත්ත පදංචිකරුවෙකි.
වෙිඩ තැබීමෙන් අනතුරුව සැකකරුවන් පළාගොස් ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අණාවරණය නොවන බව පොලෟීසිය කියයි.